WEB 2.0
- ඔබ මහජන පුස්තකාලයක පුස්තකාලය ආදීපතිවරයකු වශයෙන් පුස්තකාලයේ සාමාජිකයන් සමඟ ඉතා විශිෂ්ට අන්තර් ආකර්ෂණයක් පවත්වාගෙන යමින් නවමු සේවාවක් පාඨකයන්ට ලබාදීම සඳහා web 2.0 සංකල්පය භාවිත කරගන්නේ කෙසේදැයි උදාහරණ සහිතව පැහැදිලි කරන්න.
Web 2.0 ඔස්සේ මෙතෙක් පැවැති අන්තර්ජාල තොරතුරු සෙවීමට පමණක් තිබූ හැකියාව වෙනුවට තොරතුරු නිර්මාණය කිරීමට හුවමාරු කිරීමට හැකිවන ආකාරයෙන් වෙබ් අඩවි නිර්මාණය කිරීමට හැකියාව හිමිව ඇත. වෙබ් 2.0 සංකල්පයට පෙර පැවතියේ වෙබ් 1.0 සංකල්පයයි. මෙහිදී වෙබ් අඩවි නිර්මාණය කරන ලද පිරිස ඒවා නිර්මාණය කළේ පරිශීලකයන්ට කියවීමට පමණක්ය. ඒ අනුව ඒවායේ අන්තර්ගතයේ වෙනස් කිරීමට හැකියාවක් පැවතියේ වෙබ් අඩවිය නිර්මාණය කළ නිර්මාණකරුවන්ට පමණි. එනම් 1.0 සංකල්පය තුළ ඒක මාර්ගයක සන්නිවේදන රටාවක් දැක ගත හැකි විය.
ඒ අනුව මේ සඳහා විකල්පයක් ලෙස බිහි වූ 2.0 ඔස්සේ ස්ථා විශිෂ්ට ආකර්ෂණයක් පරිශීලකයන් හට ලබාදීමට හැකියාව ලැබී ඇත. ඒ අනුව පුස්තකාල පද්ධතියක් සඳහා වෙබ් 2.0 සංකල්පය එක් කිරීමේදී කරුණු කිහිපයක් ඉදිරිපත් කළ හැකිය.
පුස්තකාලයක් තුළ 2.0 සංකල්පය භාවිතා කිරීමේදී ඒ ඔස්සේ සෘජුව අන්තර් සම්බන්ධතා පවත්වීමට හැකියාවක් ලැබේ. ඒ අනුව පුස්තකාලයේ සිදු කරනු ලබන ;
- ග්රන්ථ සංසරණය
- පාඨක ලියාපදිංචිය
- විමර්ශන සේවා
- පුස්තකාල සහයෝගීතාවය
යනාදී ක්රියාකාරකම් ඒක මාර්ගයක සන්නිවේදනයක් ඔස්සේ සිදු කිරීම අපහසු වනු ඇත. මක්නිසාද යත් පුස්තකාලෙ මූලිකම තෙරුන් ඒක කෙලෙස පාඨකයන් සලකනු ලබන හෙයින් පුස්තකාලයක් නිරතුරුවම ඔවුන්ගේ අවශ්යතා කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ අනුව ඒ සඳහා මුලින්ම කළ යුතු වන්නේ ඔවුන් සමඟ අන්තර් සම්බන්ධතා ගොඩනගා ගනිමින් ඔවුන්ගේ අදහස් යෝජනා මෙන්ම ඔවුන්ගේ අවශ්යතා මැනවින් හඳුනාගෙන ඒ අවශ්යතාවයන් සඳහා ප්රමුඛත්වය ලබාදීමට කටයුතු සිදු කිරීමයි. ඒ අනුව වෙබ් 2.0 සංකල්පය එක්වී වර්තමානය වන විට library 2.0 ,opac 2.0 වැනි සංකල්ප බිහිවී ඇත. එය ඔස්සේ පාඨකය හා පුස්තකාලය අතර අඛණ්ඩව සම්බන්ධතාවයක් ගොඩනගාලීමට මග පෑදී ඇත.
ඒ අනුව මෙම වෙබ් ටූ බොයින් සීරෝ සංකල්පයත් සමඟ පුස්තකාලයක් තුළ ආකර්ශනීය සේවාවක් සිදුකිරීම සඳහා යොදාගත හැකි ආකාර කිහිපයක් පහත පරිදි විස්තර කළ හැකිය.
01- සමාජ මාධ්ය ඔස්සේ තොරතුරු හුවමාරු කිරීම.
අද වන විට එදිනෙදා භාවිතය ගනු ලබන ෆේස්බුක්, youtube, Twitter, tik tok Instagram යන සමාජ මාධ්ය වෙබ් ටූ පොයින් සීරෝ සංකල්පයක් සමඟ බලගැන්වී ඇත. ඒ අනුව මේ ආකාරයෙන් සමාජ මාධ්ය භාවිතා කිරීම හරහා පුස්තකාලයේ තොරතුරු පිළිබඳව පාඨකයන් වඩාත් පහසුවෙන් දැනුවත් කළ හැකිය. ඒ අනුව පුස්තකාලය මඟින් ක්රියාත්මක කරනු ලබන විවිධ සේවා, නව පොත්පත් එක්වීම් යනාදය පිළිබඳව පාඨකයන් දැනුවත් කළ හැකිය. විශේෂයෙන්ම ඡායාරූප, වීඩියෝ පට යනාදී බහුමාධ්ය මේවා සේ භාවිතා කළ හැකි බැවින් වඩාත් ආකර්ෂණය ලෙස පාඨකයාට තොරතුරු හුවමාරු කර ගැනීමට සහ ඔවුන්ගේ අදහස් ලබා ගැනීමේ හැකියාව පවතී.
උදාහරණ ලෙස කමෙන්ට් කිරීමට අවස්ථාව ලබාදීම.
2- මාර්ගගත පොතු ප්රවේශ සුචිය
නවීන තාක්ෂණයක් සමඟ වෙබ් අඩවි සංවර්ධනයේදී මුල් කාලීනව භාවිත වූ වෙබ් වන් පොයින්ට් සීරෝ සංකල්පය වෙනුවට වර්තමාන වන විට භාවිතා වන්නේ වෙබ් ටූ පොයින් සිරෝ හා ඉන් ඔබ්බට ගොස් 3.0, semantic web වැනි සංකල්පයි. යනු පුස්තකාලයේ මාර්ගගත පොදු ප්රවේශ සුචියද web 2.0 සංකල්පයත් සමග නිර්මාණය වී ඇති ආකාරය දැකගත හැකිය. මේ ඔස්සේ ඉතා ආකර්ෂණීය පාඨක මිත්රශීලී අතුරුමුහුණතක් opac තුළ දැකගත හැකි අතර ඒ ඔස්සේ පුස්තකාල එකතුව පිළිබඳව පාඨකයන් දැනුවත් කිරීම, පොත්පත් සොයා දීමේදී කාර්යක්ෂම එම ක්රියාවලිය සිදුකිරීම මෙන්ම පාඨකයාට අවශ්ය සහයෝගය එම අවස්ථාවේදීම ලබාදීමට හැකිවීම, පාඨකයාට ආකර්ෂණයක් ගෙන දෙන ලෙස අතුරු මුහුණත සකස් කළ හැකි වීම යනාදී උපක්රම රැසක් මෙහිදී භාවිතා කළ හැකිය. මීට අමතරව book suggestion, spelling suggestion, filtering, advance search යනාදී උපක්රම රැසක් web 2.0 සංකල්පයක් සමග මාර්ගගත පොදු ප්රවේශ සුචිය සඳහා එක්වී ඇත.
3 - වෙබ් අඩවි නිර්මාණය කිරීම.
Web 2.0 සංකල්පය ඔස්සේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේදී සාම්ප්රදායිකව වෙබ් අඩවි නිර්මාණකරු විසින් ලබාදුන් අන්තර්ගතය කිරීම වෙනුවට සැලකිය යුතු මට්ටමේ වෙනස්කම් රැසක් සිදු කිරීමට එකී වෙබ් අඩවි පරිහරණය කරනු ලබන පරිශීලකයන්ට අවස්ථාව උදාවී ඇත. ඒ අනුව අන්තර්ගතය කියවීමට ලිවීමට හා අන්තර්ගතය බෙදා ගැනීමටද, අදහස් දැක්වීමටද අවස්ථාව උදාවී ඇත.
විශේෂයෙන්ම මේ ඔස්සේ නවීන තාක්ෂණික වෙනස්කම් රැසක් සිදුවිය. Web 2 .0 සංකල්පයත් සමඟ භාවිතා වනු ලබන AJAX වැනි තාක්ෂණික ක්රමවේද ඔස්සේ වෙබ් පිටුව නැවත පූර්ණය නොකර (reload) සජීවීව දත්ත යාවත්කාලීනවීමේ හැකියාව වෙබ් අඩවි සඳහා හිමි විය
.
එසේම වෙබ් වන් පොයින් සීරෝ සංකල්පය තුළදී වෙබ් අඩවි තුළ මෘදුකාංග ස්ථාපනය කළ නොහැකි වූ අතර 2.0 සංකල්පයක් සමඟ ගබඩා කිරීම, මෘදුකාංග හා දත්ත කළමනාකරණය කිරීම වෙබ් අඩවියම භාවිතා කිරීමේ හැකියාව උදා විය. නිදසුන් ලෙස cloud computing, ගූගල් slides,docs වැනි සේවාවන් හඳුන්වාදීම පෙන්වා දිය හැකිය. ඒ අනුව මේ ඔස්සේ පුස්තකාල පාඨකයන් සඳහා තොරතුරු ලබාදීමේදී වඩාත් පහසුවෙන් ඒවා සවිස්තරව වෙබ් අඩවි හරහා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනු ඇත.
එසේම මෙහිදී පාඨකයාට ශ්රේණිගත කිරීම් සඳහා අවස්ථාව උදවීමද සුවිශේෂී කරුණකි. ඒ අනුව ඒ ඒ පුස්තකාලවල වෙබ් අඩවි භාවිතා කරන පරිශීලකයන්ට එම පුස්තකාලය හා එම පුස්තකාලය මගින් ලබා දෙනු ලබන සේවා පිළිබඳව සමාලෝචන ඉදිරිපත් කිරීම්(Reviews) , ශ්රේණිගත කිරීම (Ratings) යනාදිය එක් කිරීමේ හැකියාව පවතී. මේ අවස්ථේ පුස්තකාලය තුළ සංවර්ධනය විය යුතු ක්ෂේත්ර හඳුනා ගැනීමට අවස්ථාව උදාවනවා සේම උපයෝජකයන්ටද වඩාත් ගුණාත්මක සේවාවක් ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇත.
4 - සමාජ අන්තර් ක්රියාකාරීත්වය සහ සහයෝගීතාවය වර්ධනය කිරීම.
Web 2.0 සංකල්පයක් සමග සමාජ අන්තර් ක්රියාකාරීත්වය වඩාත් පුළුල් මට්ටමක පවත්වාගෙන යෑමට හැකියාව හිමි වී ඇත. ඒ අනුව වඩාත් පහසුවෙන් සමාජ කණ්ඩායම් ගොඩනඟා ගැනීමේ හැකියාව මෙ ඔස්සේ හිමි ඇත. නිදසුනක් ලෙස online book clubs , Facebook groups ආදීය නිර්මාණය කර ගැනීමට පාඨකයන්ට හැකියාව පවතින බැවින් පුස්තකාලය හා පාඨකයන් අතර මෙන්ම පාඨකයන් හා වෙනත් පාර්ශ්වයන් අතරද අනුවණ සම්බන්ධතාවය හා සහයෝගීතාවය වර්ධනය කර ගැනීමේ හැකියාව මේ ඔස්සේ හිමිව ඇත.


No comments:
Post a Comment